අද උද්ඝෝෂණයට ළිහිල් වාරණයක්


පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට පහරදීමට විරෝධය පළ කරමින් හා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් 7000 ක් පමණ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිට අද අරඹන්නට නියමිත උද්ඝෝෂණයේ දී පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග සහ සෙසු මාර්ග අවහිර නොකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

උද්ඝෝෂණය සඳහා පැමිණි සිසුහු සරසවිය අසල රැස්ව සිටිති.

මේ අතර පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල විභාගය සඳහා අද එච්එන්ඩීඒ සිසුන් හා වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිස එහි ගියහ.

Hrc_2015113C0192 Hrc_2015113C0193 Hrc_2015113C0194 Hrc_2015113C0195 Hrc_2015113C0196