උද්ඝෝෂණ හා විරෝධතා දැක්වීම් 3ක් අද (2) කොළඹ දී පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කරන විරෝධතා පාගමනක් කොළඹ අවට මාර්ග කිහිපයක් ඔස්සේ පැවැත්වීමට නියමිතය.
විශ්‍රාමික ආබාධිත පොලිස් නිලධාරීන් පිරිසක් සංවිධානය කළ විරෝධතා පාගමනක් කොළඹ කොටුව ඕල්කට් මාවත පෙදෙසේ අද පෙරවරුවේ පැවැත්විණි. සිය විශ්‍රාම වැටුප් හා උසස්වීම් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටි අතර එම විරෝධතාවය හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබිණි.
මේ අතර වරාය වෘත්තීයවේදීන්ගේ එකමුතුව ද අද කොළඹ කොටුවේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ.
ඡායාරූප - ශාන්ත රත්නායක




