අද ආසාදිතයෝ 326ක්


 
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරට අද(07) නව ආසාදිතයන් 326දෙනෙකු එක්වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සවස 6.15ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෝ 172දෙනෙක් සහ බන්ධනාගාර කොරෝනා පොකුරේ 154දෙනෙක් ඒ අතර වෙති.

ඒ අනුව සමස්ත පොකුරෙහි ආසාදිතයන් ගණන මේ වනවිට 24,648කි