අතුරුදහන් යැයි කියු තරුණිය ගැඹුරු මුහුදෙන් හමු වෙයි


(තුසිත කුමාර ද සිල්වා)

දින දෙකකට පෙර අතුරුදන් 25 හැවිරිදි  තරුණියගේ මළසිරුර බේරුවල ඈත මුහුදේදී ධීවර බෝට්ටුවකට හමු වී ඇතැයි පොලිසිය කියයි.

මෙසේ හමුව ඇත්තේ බේරුවල, මොල්ලිමලේ , පන්සල පාරේ පදිංචිව සිටී මොහොමඩ් ෆවුමින් ෂහනම් භානු නැමැති  තරුණියකගේ මළසිරුරකි.

ඇය අතුරුදන් බවට පෙරේදා (02) පැමිණිල්ලක් ලැබී ඇතැයි බේරුවල පොලිසිය පවසයි .

මසුන් මැරීම සදහා බේරුවල , මරදාන ධීවර තොටුපොලෙන් අද උදෑසන 6 ට පමණ  මුහුදු ගිය ධීවරයින්ට සැතපුම් දෙකක් පමණ ඇත මුහුදේදී හමුවී මළසිරුර රැගෙන විත් ඇත.