බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව නිෂ්පාදනය කළ බව කියන යුද අපරාධ පිළිබඳ වාර්තාමය චිත්‍රපටයේ අවසන් යුද සමයේදී අතුරුදන් වූ බව කියන තරුණයකු සිටින බවට එම තරුණයාගේ මව අතුරුදහන් වූවන් පිළිබද සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණිලි කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
පුෂ්පරාසා අජින්තන් නැමති මෙම තරුණයා මුල්ලිවායික්කාල්හි අවසන් යුද්ධයේදී අතුරුදන් වූ බවත් එසේ අතුරුදන් වූ තම දරුවා 2013 වසරේදී බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ශ්‍රීලංකා යුද හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරමින් නිපදවූ වාර්තාමය චිත්‍රපටයේ සිටින බවත් පරණගම කොමුසමට මව කීවාය.
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි එම මව තවදුරටත් සදහන් කර ඇත්තේ චැනල් ෆෝ නාලිකාව සිය වාර්තාමය චිත්‍රපටයේ තම දරුවා අඩ නිරුවත්ව සිටින බව තමන් දුටු බවයි.
2009 අතුරුදන් වුවකු 2013 වසරේ නිපැදවූ චිත්‍රපටයක සිටින්නේ කෙසේදැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.

