අතුරුදන්වූවන් සොයන්න උදව් ඉල්ලති


(තරිඳු ජයවර්ධන)  

රහස් කඳවුරුවල සිටින තම ඥාතීන් නිදහස් කිරීමට ජාති, ආගම් බේදයකින් තොරව රජයට බල කරන ලෙස යුද සමයේ අතුරුදන්වූ  කිලිනොච්චියේ වැසියන්ගේ ඥාතීහු ඉල්ලා සිටිති.

දින 15ක් තිස්සේ කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇති ඔවුහු ඊයේ (06)  සිංහල සහ දෙමළ භාෂාවලින් සිය ඉල්ලීම ලිඛිතව ජනමාධ්‍ය වෙත ලබා දුන්හ.  අතුරුදන් ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලමින් මේ පිරිස අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ පෙබරවාරි මස 20 වැනි දා ය. 

යුද්ධය අවසන් වූ පසු රජයේ බොරු පොරොන්දු විශ්වාස කරමින් තම ඥාතීන් හමුදාවට භාර දුන් බව ද, රජය පොරොන්දු කඩ කරමින් තම ඥාතීන් ගැන කිසිවක් ප්‍රකාශ නොකර සිටින බව ද අතුරුදන්වූවන්ගේ උපවාසයේ නිරත ඥාතීහු කියති.  ළමයින් හා ඥාතීන් ඇති සමාජයේ සියලු දෙනා තමන් අවුරුදු අටක් තිස්සේ විඳින වේදනාව තේරුම් ගත යුතු බවත්, තම ඡාතීන් සොයා ගැනීමට ජාති ආගම් බේදයකින් තොරව මනුෂ්‍යත්වය ඇති සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බවත් ඔවුහු පවසති.