මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී වසර තුනක් ගත වීම හේතුවෙන් හා සෙසු අතුරුදන් කෙරවූ වැසියන් වහා සොයා දෙන ලෙස රජයට බල කර සිටීමේ උද්ඝෝෂණයක් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදී අද සවස පැවැත්විණ.
‘ප්‍රගීත් මිතුරෝ‘ සංවිධානය මෙය පැවැත්වූ අතර සන්ධ්‍යා එක්නැළිගොඩ හා එම දරුවන් දෙදෙනා අනෝමා ෆොන්සේකා, ඉමල්කා ප්‍රනාන්දු යන මහත්මින් ඇතුළු සමාජ ක්‍රියාකාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

