අතුරුදන්වූ තරුණිය වසර 26කට පසු ගෙදර එයි


80 දශකයේ මෙරට පැවැති භීෂණ සමයේ දී අතුරුදන් වූ තරුණියක් වසර 26කට පසු යළි ඇගේ නිවස සොයා පැමිණි සිදුවීමක් ගම්පොළ ගිරාඋල්ලෙන් වාර්තාවේ.

ගිරාඋල්ලේ පදිංචිව සිටි පද්මා කුමාරි (43) නමැති ඇය වයස අවුරුදු 18 දී විවාහ වී කොහොමඩ පදිංචියට ගොස් ඇති අතර විවාහයෙන් මාස තුනකට පසු ඇගේ සැමියා ඝාතනයට ලක්ව ඇත. ඉන්පසු කොළඹ ගිය අවස්ථාවකදී අතුරුදන්ව ඇති ඇය පසුගියදා යළි සිය නිවසට පැමිණ ඇතැයි කියති.