අතුරුදන් සරසවි සිසුවා කුරුණෑගලින් හමුවෙයි


(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ අතුරුදහන් වූ බව පැවසෙන සිසුවා සමඟ විශ්ව විද්‍යාල පාලන අධිකාරිය නිරන්තරයෙන්සම්බන්ධතා පවත්වමින් සිටින බවත් ඔහු කුරුණෑගල ප්‍රදේශයේ දැනට රැඳී සිටින බවත් එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි .

එම සිසුවා දැනට දින 04කට පමණ පෙරඅක්බාර් ශාලාවේ ඔහු රැඳී සිටි කාමරයට ඉබි යතුරු දමා විශ්ව විද්‍යාලයෙන් බැහැරට ගොස් තිබූ බැවින් එම ඉබි යතුරු කඩා කාමරය පරීක්ෂා කිරීමෙන් පසු ඔහුගේ ජංගම දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත් බවත් සිසුවා නීතියානුකූල නොවන ආකාරයට විශ්වවිද්‍යාලයෙන් බැහැරට ගොස් තිබූ බැවින් පොලීසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට පියවර ගත් බවද මහාචාර්යවරයා පැවැසීය .

එම සිසුවා දැඩි මානසික ආතතියකින් පෙලෙන සිසුවකු බවත්ඔහුගේ වගකීම විශ්වවිද්‍යාලයට භාරගැනීමට නොහැකි බැවින් සිසුවා ආපසු භාරකරුවන්ට භාරදීමට පියවර ගන්නා බව ද මහාචාර්යවරයා පැවැසීය .