( තිළිණි ද සිල්වා )
අතුරුදන් වූ ධීවර යාත්රා සොයා ගැනීම සඳහා නව උපකරණයක් මෙරට ධීවරයින්ට හඳුන්වා දීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මෙම උපකරණය සෑම යාත‍්‍රාවකම සවි කිරීමේ හැකියාව පවතින අතර යාත‍්‍රාවක් අනතුරට ලක්ව කිසියම් මුහුදු සීමාවක පවතින්නේ නම් එම ස්ථානය හඳුනා ගැනීමට මෙම උපකරණය මගින් හැකියාව පවතින බව ධීවර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියමයෙන් මෙම උපකරණය ධීවරයින්ට ලබාදීමට කටයුතු සිදුකරන බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
වසරේ මේ දක්වා කාලය ධීවරයින් 13 දෙනෙකු අනතුරුදන් ව 12 දෙනෙකු මියගොස් තිබෙන බවත් මෙවැනි උපකරණයක් හඳුන්වා දීම තුළින් ධීවරයෙකු අනතුරකට පත් වී අවස්ථාවන් අවම කර ගැනීමට ධීවර දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
මේ අතර සෑම ධීවර යාත‍්‍රාවක් සඳහාම කාලගුණ නිවේදනයක් දුරකථන කෙටි පණිවුඩ සේවාව (එස්. එම්. එස්.) මගින් ලබා දීමට කටයුතු කිරීමට ද නියමිතය.