අතුරුදන් වුවන් සෙවීම උදෙසා කාර්යාලයයක් පිහිටුවීමට එරෙහිව ජාතික රණවිරු එකමුතුව සහ වීර ලංකා පදනම ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව අද (12) පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේ දී විරෝධතාවයක් පැවැත්විණි.
රණවිරවන් දඩයම් කිරිමේ බටහිර අධිරාජ්‍යවාදී වැඩ පිළිවෙළක කොටසක් බව චෝදනා කළ අතරම එමගින් රටේ ස්වාධීනත්වය මඟ හැරි යන බව ඔවුහු පැවසුහ.
මේ සඳහා භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, ප්‍රසන්න රණතුංග යන මහත්වරු එක් වුහ.