අතුරුදන් කොමිසමට හමුදාවෙනුත් පැමිණිලි 5000 ක්


උතුරු නැගෙනහිර යුද ගැටුම් පැවති සමයේ අතුරුදන්වුන් ගැන සොයන කොමිසමට යුද හමුදාවෙන් පැමිණි පන්දහසක් පමණ ලැබී ඇත.

කොටි සංවිධානය හා සතුරු පිරිස් විසින් අතුරුදන් කළැයි කියන හමුදා සාමාජිකයින් ගැන එම පැමිණිලි වලින් කියැවෙන බව කොමිසම පවසයි.

එම පැමිණිලිකරුවන්ගේ සාක්කි සටහන් කැර ගැනීමට ද නියමිතය.

හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම කමිටුවේ සභාපතිවරයාය.