යුද සමයේ අතුරුදන්වූවත් සම්බන්ධ සාක්කි විභාග කිරීමේ ජනපති කොමිෂන් සභාව අද (13) යාපනය පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැමිණිලි විමර්ෂණය කරන බව එහි ලේකම් එච්.බී.ගුණදාස මහතා පැවසීය.
කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් නැවත වතාවක් කොමිසම ලබන 18 වැනිදා දක්වා යාපනය දිස්ත්‍රික්කයේ සාක්කි විභාග කරයි.
අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පැමිණිලි විමර්ෂණය කිරීමේ ජනපති කොමිෂන් සභාව යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර්,යාපනය,කරවෙඩ්ඩි,මරුදන්කේනි,පේදුරුතුඩුව,සන්ඩිලිපායි,සංගානෙයි,උඩුවිල් හා තෙල්ලිපලෙයි ප්‍රාදේශීය කොට්ඨාස වල සිදුවේ.










