
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් අතුරුගිරිය මාලඹේ මාර්ගය ජලයෙන් යටවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි
ඒ හේතුවෙන් කඩවත සිට පැමිණෙන වාහන වලට අතුරුගිරිය පිවිසුමෙන් පිටවී මාලබේ දෙසට ගමන් කළ නොහැකි බවත් අතුරුගිරිය දෙසට ගමන් කළ හැකි බවත් , කොට්ටාවේ සිට පැමිණෙන වාහන වලට අතුරුගිරිය පිවිසුමෙන් පිටවී මාලබේදෙසට ගමන් කළ හැකි බවත් අතුරුගිරිය දෙසට ගමන් කළ නොහැකි බවත් මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි

