මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට සහයෝගය දක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
අතුරු සම්මත ගිණුම සම්මත නොවුණ හොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමටවත් නොහැකි වන බව ද ඔහු කීවේය.
බැඳුම්කර ගනුදෙනුව වගේ වැරදි දේවල් පසුගිය ආණ්ඩු කාලයේ සිදු වුණ බව කී අමරවීර මහතා ඒ කාලයේ ඉතා හොඳ වැඩ ද රැසක් සිදු කළ බව සිහිපත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුඩා කණ්ඩායමකට සීමාවීම ගැන කණගාටු වන බවත්, ඉදිරියේ දී ශ්‍රීලනිපය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩකටයුතු සිදු කරන බවත් මහින්ද අමරවීර මහතා කීවේය.
(36698)