අතුරු වෙද සේවකයෝ එක විට ලෙඩ වෙති


වයඹ,ඌව හා සබරගමුව පරිපුරක වෛද්‍ය සේවකයන්  1500 ක් පමණ රෝහල් හැත්තෑපහක දී අද (16) ලෙඩ නිවාඩු ගෙන  වර්ජනයක් ඇරැඹු බව සංවිධානයේ ලෙකම් සමන් ජයසේකර මහතා කියයි.

ප්‍රධාන රෝහල් හි හදිසි සේවා හැර සෙසු රාජකාරීවලින් අද උදේ 8 සිට සවස 4 අතර කාලයේ බැහැර ව සිටින බව ඔහු පවසයි.

වසර අටකින් උසස්වීම් නොලැබීම් ඇතුළු ඉල්ලීම් දිනා ගැනීමට මේ වර්ජනය පැවැත්වේ.