අතීතේ අතුරුදන් වූවන් ගැන විමර්ශන යළි අරඹයි


(අංජුල මහික වීරරත්න)

2000 වසරට පෙර උතුරේ  සහ දකුණේ  අතුරුදහන් වූ බවට පැමිණිලි ලැබී ඇති විමර්ශන කටයුතු ආරම්භ කර නැති දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.

හානි පුර්ණ කාර්යාලය සහ අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය සඳහා නව ක්‍රමවේදයක් සකසන බවද අමාත්‍යවරයා කීය.

බලහත්කාරයෙන් අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කළ උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කීය.

කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම උත්සවය පැවැත්විණි.