අතිරේක ලේකම්ගෙනුත් දින දෙකක් ප්‍රශ්න කරයි


ශ්‍රී ලංකා හමුදාවට අයත් අවි ආයුධ රක්නා ලංකා මගින් ඇවන්ගාඩ් සමාගමට විකිණීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මියගෙන් බදාදා (18) සහ අද (19) ප්‍රශ්න කළ බව මහා පරිමාණ දූෂණ වංචා ගැන සොයන ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග කියයි.

 ජාත්‍යන්තර නැව් ආරක්ෂාව සඳහා යොදාගත්තේ නීති විරෝධී ගිනි අවි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන ගත්තොත් රටට වෙන දේ සිතා ගත හැකි බවත් , රට උකස් නොතබන ලෙසත් කියමින් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පසුගිය සැප්තැම්බර 23 වැනි දා ජයරත්න මහත්මියට අවවාද කළාය.

ඇවන්ගාඩ් අවි ගනුදෙනුව සම්බන්ධයෙන් ජයරත්න මහත්මිය ද අත්අඩංගුවට ගත යුතු යැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා මීට පෙර නීතිපතිට නිර්දේශ කර තිබිණි.

එවකට ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කළ ජයරත්න මහත්මිය මේ වන විට ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කරන්නීය.