අත්හිටවූ සේවා යළි රෝමෙන්


විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා රෝම තානාපති කාර්යාල නිලධාරීන් සමග සාක්ච්ඡාවකට සහභාගී විය.  අප්‍රේල් සිට නැවත ස්වේඡාවෙන් ඉරිදා දින සේවය කිරිමට තානාපති නිලධාරීන් කැමැත්ත ප්‍රකාශ කළ බව ඉතාලියේ ශ්‍රී ලාංකික එකමුතුවේ අනුශාසක දඹදෙණියේ ධම්මාරාම හිමියෝ ‘එසැණට‘ කීහ.

නිලධාරීන් හිඟයත් සමග මසකට එක් ඉරිදා දිනයක් පමණක් එම දිනය පවත්වන බවත්, නිලධාරීන් හිගය නැතිවූ විට සෑම ඉරිදා දිනකම එම සේවය පවත්වන බවත් නියෝජ්‍ය අමැති කියා ඇත. ඒ සමග ජන්ගම සේවය ද නැවත ඇරඹීමට නියමිතය. එකමුතුකමින් සිටියොත් ඕනෑම දෙයක් ළඟා කර ගත හැකි බව ධම්මාරාම හිමියෝ පැවසූහ.