අත්පා-හිස නොමැති සිරුරක් මූදුකටුව වෙරළේ


( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මාරවිල මුදුකටුව පේදුරු පල්ලිය ආසන්නයෙ වෙරළට අත් පා , හිස නොමැති නාඳුනන මළ සිරුරක් ගොඩගසා ඇති බව මාරවිල මුලස්ථාන පොලිසිය පවසයි.

මළ සිරුර වෙරළට ගොඩ ගසන අවස්ථාවේදි එම සිරුර සම්පුර්ණයෙන් නරක් වි තිබු බවත් අත්පා හා හිස සම්පුර්ණයෙන් නොමැතිව හදුනා ගත නොහැකි ලෙස නරක් වි විරුපි වි තිබු බව පොලිසිය කියයි.

මෙම අත් පා හිස නොමැති මළ සිරුර වෙළරට ගොඩ ගසන අවස්ථාවේදි  උඩකය වැසෙන ලෙස සුදු පැහැති බැනියම් වැනි දෙයක් හැද සිටි බවත් නිල් පාටට හුරු විවිධ පැහැයෙන් යුතු වර්ණ ගැල්වු කලිසමකින් මෙම සිරුරේ යටි කය වැසෙන ලෙස හැද තිබු බවද කියයි.

කෙසේ නමුත් මෙම සිරුර බරපතල ලෙස නරක් වි තිබිම මත විමර්ශණ සදහා විශේෂ පරික්ෂණයක් ආරම්භ කිරීමට සිදුවන බව පොලිසිය කියයි.