තායිලන්ත උප අගමැති අද (11) පෙරවරුවේ ශ්‍රි දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
එදා සිට අද දක්වා තායිලන්තය හා ශ්‍රි ලංකාව අතර දිගු මිතුරුකමක් ඇති බවත් වර්ථමානයේ ජනපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා විදෙස් රටවල් සමග මනා සම්බන්දයක් පවත්වාගෙන යන බවත් මහ නාහිමියෝ එහිදි පැවැසුහ.
ඉන් පසු තායිලන්ත අගමැති වරයා අපවත් වි වදාල අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය ගලගම ශ්‍රි අත්ථදස්සි මහ නාහිමියන්ගේ ශ්‍රි දේහයට අවසන් ගෞරව දැක්විම සදහා ද ගියේය.


