බත්තරමුල්ල දෙණියවත්තේ නිවෙසක් ඉදි කිරීම සඳහා අත්තිවාරම් කපමින් සිටියදී එක් වරම පස් කන්ඩිය කඩා වැටී පස් කපමින් සිටි තරුණයන් දෙදෙනා යටවුණු බව පොලීසිය කියයි.
වයස අවුරුදු 17 සහ 33 අතර වන මේ දෙදෙනා ඇඹිලිපිටිය හා මාතර අය බව ද වාර්තා වේ.
ඔවුන් වහා ගොඩ ගත් නමුත් මිය ගිය බවත්, සිරුරු කොස්වත්ත රෝහලේ තබා ඇති බවත් රෝහල් ආරංචි කියයි.