රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක පාර්ලිමේන්තු දිනවල රැස්වීම්වලට සහභාගී කරවන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බන්ධනාගාර අධිකාරීට අද නියෝග කළේය.
ඔහු එසේ නියෝග කළේ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.
අත්තනායක මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

