අත්තනායක එම් හේරත් දිවිසැරිය නිමවයි


පේරාදෙණිය සරසවියේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතිහු පවසති.

කලක් අසනීපව සිටි අත්තනායක එම් හේරත් මහතා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මිය යන විට ඔහු 73 වැනි වියෙහි පසුවිය.

විශිෂ්ඨ දේශකයෙක් ලෙස ඔහු කාගේත් හිත් දිනාගෙන සිටියේය.