ඇත්මලේ කරකොළපිටියේ ගසක අත්තක් කඩා වැටීමෙන් ඊට යට වූ පස් දරු ගොවි මහතකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. කුඹුරේ වැඩ කරන අතරේ ගිමන් නිවා ගැනමට ගස යටට ගිය අවස්ථාවේ හමා ආ තද සුළඟත් සමග එම අත්ත කඩා වැටී ඇතැයි පොලිසිය පවසයි. අත්තට යට වී බරතල තුවාල ලබා රෝහලට රැගෙන යද්දී මියගොස් ඇත.

