වැලිකඩ කලපළුවාවේ නිවසක තනිව සිටි ගුවන් සේවිකාවක (31) බව කියන කතක් දූෂණය කර පළා යමින් ගියැයි හිටපු සෙබළකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
වැලිකඩ පොලිසියේ ජංගම රථය, යතුරුපැදි ඒකකය හා අපරාධ වැළැක්වීමේ කණ්ඩායම ඒ ආසන්නයේ සිටි නිසා ඉදිකරමින් පවතින යාබද නිවසේ අත්උදව්වට පැමිණි බව කියන හිටපු සෙබළා අල්ලා එම මොහොතේම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

