අනවසර අලි පැටවකු ඇති කරතියි මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුවෙහි සැකකරුවකු ලෙස තමා අත්අඩංගුවට ගැනීමේ වළක්වන නියෝගයක් ඉල්ලා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) විභාගයට නොගෙනම ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභා කළේය.
අලි පැටවා සම්බන්ධයෙන් සුවිශේෂී නඩුවක් සඳහා පොදු දේපළ පනත යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාණවත් කරුණු තිබෙන බවට නීතිපති ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ ප්‍රකාශ කළේය.
ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ සහ කේ.ටී.චිත‍්‍රසිරි යන විනිසුරුවරුන් හමුවේ කැඳවිණි. පෙත්සම්කාර අතිරේක මහේස්ත‍්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කියා සිටියේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවක් සම්බන්ධයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම සූදානමක් පවතින බවත්,එසේ කිරීම පුද්ගල නිදහසට බාධාවක් වන හෙයින් එලෙස අත්අඩංගුවට ගැනීම බලරහිත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

