දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් අක්‍රමිකතා,මුදල් විශුද්ධිකරණ ඇතුළු අසත්‍ය චෝදනා කිපයකට වගඋත්තරකරු කරමින් තමන්ට එරෙහිව ගම්පහ,කඩුවෙල හා පූගොඩ අධිකරණ කිහිපයක ගොනු කර ඇති නඩු විභාගයන් වලින් තමන්ගේ පුද්ගලික නිදහසට බාධා එල්ල වීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (16)ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් පොලිස්පති, මූල්‍ය අපරාධ කොට්ඨාසය බාර පොලිස් නිලධාරීහු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති..
නීතීඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් පෙත්සම ගොනු කොට තිබේ.
සත්‍යය හඟවා වැරදි තොරතුරු වාර්තා පදනම් කරගනිමින් එම චෝදනා යටතේ තමන් යළිත් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත්, එබැවින් එම නඩු විභාග අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝ වි ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පෙත්සමින් ඉල්ලා සිටී.

