මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැඳීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන් රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවීයැයි සඳහන් කරමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 20 වැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළේය.
අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න මහත්වරු පෙත්සම සලකා බැලූහ.
වගඋත්තරකරුවන් ලෙස හෝමාගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.
ඉකුත් ජනවාරි 25 වැනිදා පෙත්සම්කාර හිමිනම විසින් සන්ධ්‍යා එක්නැලිගොඩ නැමැත්තියට බැන වදින ලදැයි චෝදනා කරමින් පොලිසිය විසින් හිමිනම අධිකරණය ඉදිරියට පමුණුවා රිමාන්ඩ් බාරයට පත්කළ බව පෙත්සමේ සඳහන්වේ.
මෙසේ පෙත්සම්කාර හිමිනම රිමාන්ඩ්බාරයට පත් කිරීම නීතියට පටහැනි බවත් තම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවද එහි සඳහන්වේ.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත්ද ,මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙසද පෙත්සම්කාර හිමිනම සිය පෙත්සමින් ඉල්ලා ඇත.
ඥානසාර හිමි වෙනුවෙන් ජනාධිපති නීතඥ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටියේය.

