තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව කියමින් ඊට විරුද්ධ ආබාධිත රණවිරුවන් පිරිසක් ගෙන ගිය උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමේ සිට ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය වසා දමා ඇතැයි පොලිසිය පවසයි.
එහි ආරක්ෂාවට පොලිස් භට පිරිස් යොදා ඇත. උද්ඝෝෂකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට උත්සාහ දැරූහ.

