නීතී විරෝධී පස් කැපිමකට යොදා ගත් බැකෝවක් හා ලොරියක් සැකකරු සමග පොලීසියට ගෙන ආ නමුත් දේශපාලන හා පොලිස් බලපෑම් මත මුදාහළ බව මීරීගම පොලීසියේ පරීක්ෂක මොහොමඩ් සාදික් අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානයක්කාර මෙනවිය හමුවේ ප්‍රකාශ කළාය.
ඇම් එම් ධර්මින්ද ප්‍රසන්න කුමාරට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
පොලිස් අත්අඩංගුවට ගත් බැකෝව හා ලොරිය උසාවි භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන්නේදැයි ඇසු විට සාක්කිකරු පැවසුයේ දේශපාලන හා පොලිස් බලපෑම් මත එය විත්තිකරුටම මුදාහළ නිසා ලකුණු කිරිමට නොහැකි බවයි.
මහේස්ත්‍රාත් :
නඩු භාණ්ඩ තමා ළග තිබෙනවාද?
සැකකරු :
ඔව් මා භාරයේ තිබෙනවා
ලබන 15 වැනිදා එම භාණ්ඩ අධිකරණයට භාර දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළාය.
නඩු භාණ්ඩ භාර නොදුනහොත් ඇප අවලංගු කර ඔහු රිමාන්ඩ් කරන බවට මහේස්ත්‍රාත්වරිය ඔහුට තරයේ අවවාද කළාය.