අත්අඩංගුවට ගත් පිළිමය වැඳීමට මහ පිරිසක්


අම්පාර, මහඔය, තැපැල්පොල තේක්කවත්තේ දී කිලෝ 15ක් පමණ පරැති බුදුපිළිමයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දඹරන් බුදු පිළිමයක් බව කියමින් පැරණි පිළිමයක් විකිණීමට ඇතැයි ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මෙය අත්අඩංගුවට ගනු ලැබිය.

සැකකරු පොලිසියට පවසා ඇත්තේ එම පිළිමය රඹකැන්ඔය කැලෑ ප්‍රදේශයක තිබී තමන්ට ලැබුණු බවයි. පොලිසිය පවසන්නේ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බවයි.

මෙවන් පිළිමයක් පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන ඇතැයි දැනගත් පසු ප්‍රදේශවාසීන් විශාල වශයෙන් පොලිසියට පැමිණ වන්දනාමාන කරන බව ද පොලිසිය පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අද්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දඹරන් බුදු පිළිම නොමැති බවයි. මැටියෙන් හෝ ලෝහයෙන් තැනූ බුදුපිළිමවල අතීතයේ රන් ආලේප කර ඇති බවත් රත්තරන් ආලේපකළ පිළිමවලට දඹරන් පිළිමයැයි පැවසීම වරදක් බවත් ඒ මහතා මහාචාර්ය ගුණවර්ධන මහතා කීවේය.

1 2 3 ????????????????????????????????????????????????????? ????????????????????????????????????