රුපියල් දහතුන් ලක්ෂ හතලිස් පන්දහාස් හත්සීයක් වටිනා රත්තරන් බකල් 6 ක් සහ රන් කූරක් සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකාරිය කල්මුණේ පදිංචිකාරියකි.
රන් බකල් 6 ක් ඇගේ අත් බෑගයේ පටි වලද, රන් කූර එන්නත් නලයක ද දමාගෙන ඇය ගුවන්තොටුපොළට පැමිණ තිබු බව රේගුව කියයි.
අත් අඩංගුවට ගත් රන් වල බර ග්‍රෑම් 245 කි.
ඇය ඉන්දියා ගුවන් සේවයට අයත් ඒ.අයි 274 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණ ඇත.
මේ පිළිබඳව රේගු පරීක්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.ජී.එල්.එෆ් පෙරේරා මහතා සැකකාරියට රුපියල් හැත්තෑපන් දහසක දඩ නියම කොට රන් බකල් හා කූර රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂණය යටතේ නියොජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.ජී.එල්.එෆ් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩබ්ලිව්.ඒ.යූ අබේවර්දන සහ සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.එස්.ඉසෙඩ් ෆායික්, ලලිත් දුෂ්‍යන්ත, සිසිර පෙරේරා, බී.ඒ.එන්.කේ බාලසුරිය සහ නිරෝෂ විජේතුංග යන නිලධාරීහු සිදුකරති.

