යක්කලමුල්ලේ කරාගොඩ පාරක් අයිනේ අත් පා නොමැති බිළිඳු මළ සිරුරක් ඇතැයි පොලීසිය කියයි. බල්ලන් විසින් ළදරු හිසක් ඇදගෙන යනු දුටු ගැමියෙක් ඒ ගැන පොලීසියට දැනුම් දී ඇත. සිරුරේ අත් පා නොමැති බවත් සතුන් විසින් කා දැමීම හේතුවෙන් ගැහැණු පිරිමි බව සොයා ගත නොහැකියැයි ද උපන් හැටියේ ම බිළිඳකුගේ සිරුරක් විය හැකියැයි ද පොලීසිය කියයි.

