අත් කපා රැගෙන ගිය සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට නියෝග


(රේඛා තරංගනී ෆොන්සේකා)

විදුලි කාර්මිකයාගේ අත්දෙක කපා අත්දෙක රැගෙන පලාගොස්  සිට  නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වු සැකකරු පැය හතළිස් අටක් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් උද්දාල සුවන් ඳුරුගොඩ මහතා අද (24) නියෝග කළේය.

 මොරටුව පොලිසිය විසින් කරනු ලැබූ රැඳවුම් ඉල්ලීමට අනුව  මෙම නියෝගය නිකුත් කෙරුනේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන(40) තෙල්ගේ ඉසුරු ප්‍රියංකර පීරිස් යන සැකකාර පුද්ගලයාට ය.

සැක්කාර පුද්ගලයා විදුලි කාර්මිකයාගේ අත්දෙක කපාගෙන අත් දෙක ද රැගෙන පලා ගොස් සිටි අතර මොරටුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා සිටියදී සැකකරු නීතිඥ යෙකු මාර්ගයෙන් මෙසේ අධිකරණයට ඉදිරිපත් විය.

ඉදිරිපත් වූ කරුණු සියල්ල සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පැය හතළිස් අටක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා දුන්හ.

 එමෙන්ම සැකකරු තුවාලකරුගේ අත් දෙක කපා වෙන්කොට ඇති බව හෙයින් ඔහු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

ඒ අනුව සැක්කාර පුද්ගලයා ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා යටතේ පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම්ට නියමිතය.

මෙම සැකකරු පැය 48 කින් වැඩිදුර වාර්තා සමග නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය