දඹුල්ල හා නාවුල ගොවිජන සේවා මධ්‍යස්ථානවල එළවළු මිලට ගැනීමේ මධ්‍යස්ථාන දෙකක් අරඹා අතරමැදි තැරැව්කරුවන්ගෙන් ගොවියා හා පාරිභෝගිකයා රැක ගන්නා බව මාතලේ දිසාපති හෙලන් මීගස්මුල්ල මහත්මිය කියන්නීය.
සෙනසුරාදා ඇරඹෙන මෙම මධ්‍යස්ථානවලින් මිලට ගන්නා එළවළු ලක් සතොසින් කොළඹට යවන බව ඇය කියන්නීය.
දඹුල්ලේ සිට කොළඹට එළවළු ප්‍රවාහනය කිරීමේදී කිලෝවට රුපියල් පනහක් අතරමැදියා අතට යතියි දිසාපතිනිය කියන්නීය. එළවළු මිල ඉහළයෑමට හේතුව එය බව ද ඇය සඳහන් කරන්නීය.

