ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘2013 - අතරමැදි බොක්සිං තරගාවලිය’ අද (27) සිට 31 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා වයස අවුරුදු 19 ත් 40 ත් අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සහභාගි විය හැකිය. ආධුනික බොක්සිං තරගාවලියන් හිදී ජයග‍්‍රහණ ලැබූ මින් පෙර අතරමැදි, විවෘත හෝ වෙනත් ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි ජයග‍්‍රහණය කර නොමැති තරගකරුවන්ට පමණක් මෙම තරගාවලිය විවෘත වේ.
ආධුනික බොක්සිං තරගාවලියේ වැඩි දස්කම් දැක්වූ ගුවන් හමුදාවේ, යුද හමුදාවේ, නාවික හමුදාවේ පොලිසියේ සහ මාස් ලීනියා කී‍්‍රඩකයන් අතර ගැටුම් වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු නිසැකය. පසුගියදා නිමාවූ ආධුනික බොක්සිං තරගාවලියේ කාන්තා තරග වැඩි සංඛ්‍යාවක ජයග‍්‍රාහිකාවන් වූ ගුවන් හමුදා කී‍්‍රඩිකාවන්ට මෙවර මාස් සදර්න්, පොලිසියේ සහ නාවික හමුදා කී‍්‍රඩිකාවන් සමග තියුණු සටනක නිරත වීමට සිදුවනු ඇත.
පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වන අතර කාන්තා තරග විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විත වේ. සියලූ තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය විසින් 2013 වසරේ හඳුන්වා දෙන ලද නව නීති රීති වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර ඔවුහු ලේටන් කුසලාන, ක්ලිෆර්ඞ් කුසලාන සහ ජාතික ශූරතාවලිය වැනි තරගාවලි වලට සහභාගී වීමටද සුදුසුකම් ලබති.
ශී‍්‍ර ලංකා ජාතික බොක්සිං සංගමයේ හිටපු ලේකම් වරයෙකු සහ ජාතික ශූරයකු වන වසීර් සෝර්ජා මහතා සමාරම්භක උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවීමට නියමිතය.