මුදල් විශුද්ධි කිරිමේ පනත අපට ගේන්න සිද්ධ වුයේ ත්‍රස්තවාදීන් ඔවුන්ගේ මුදල් මේ රටට ගෙනවුත් ආයෝජනය කරනු ඇතැයි බයට. ඒ පනතේ කරුණු කිහිපයක් තියෙනවා. මත්ද්‍රව්‍ය, ආයුධ, බාල වයස්කාරියන් ගණිකා සේවයේ යොදවා හම්බ කරන මුදල් අපරාධ වලින් උපයන මුදල් ලෙසයි සලකන්නේ. දැන් මේ අයට චෝදනා කරෙ තියෙන්නෙත් ඒවට. සි.එස්.එන්. එක කරල තියෙන්නෙ කුඩු විකුණන එක, මාධ්‍ය වැඩ නෙවෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් ගෙනල්ල ත්‍රස්තවාදය ලෝකයෙන්ම නැති කළ එකම නායකයගෙ පුතාටත් ඒ පනතෙන්ම දාපු එක තමා අද යහපාලනය. හිටපු ඡනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාඡපක්ෂ මහතා ඉරිදා (31) මහනුවර දිස්ත්‍රික් පලාත් පාලන මන්ත්‍රිවරුන්ගේ හමුවකදී පේරදෙණියේදි පැවසීය.
.මම බොහොම සංතෝසෙන් ගමට ගියේ සැනසිල්ලෙ ඉන්නව කියල. නමුත් මම මාස තුනක් යනකම් බැලුව මට හැමදාම ගහනව, දෝෂාරෝපනය කරනව. ඉන් පස්සෙ මන්ත්‍රිවරුන් මාව දෙශපාලනයට ඇදල ගත්ත මම දැන් දේශපාලනයට ආවා. මම දේශපාලනයට ඇවිත් ආපහු අතර මග බ්‍රේක් ගහන කෙනෙක් නොවේ.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වල් අලියට භාර දුන්නෙ කවුද? මම ද? දැන් මේ වල් අලියට නිල් අලියයි රතු අලියයි සපොට් කරනව. මාධ්‍යට තර්ඡනය කරනව පාර්ලිමේන්තුවෙදි ඒක තර්ඡනයක් නෙමේ කියලත් කියනව.




