අවුරුදු 9 සහ අවුරුදු 7 ක පිරිමි දරුවන් දෙදෙනකු පස්යාල හංදියේ අතරමන් වී සිටියදී සොයාගත් බව නිටිටඹුව පොලීසිය කියයි.
දරුවන් කියා ඇත්තේ පියා සමගපෙරදින පන්සලක නවාතැන් ගත් බවයි. පියා බස්වල ස්ටිකර් ඇලවීම සඳහා ගිය බවත් මල්ලී අඬන්නට පටන්ගත් නිසා පියා සොයා පැමිණි බවත්ය.
කුරුණෑගල, ගැට්ටුවාන තමන්ගේ ගම බවද ඔවුන් කියා ඇත.


