කතරගම පුදබිම වෙත පැමිණෙන වන්දනාකරුවන් අතර කැපි පෙනෙන ලෙස බටහිර සංචාරකයන්ගේ පැමිණිම වැඩි වී තිබේ.
අධ්‍යාත්මික සුවය අත් විඳීමට පැමිණෙන බටහිර රටවල පිරිස් කතරගම කිරිවෙහෙරට අෂ්ඨ ඵල බෝධියට ද මහ දොවොලට ද යති.
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් පැවසුවේ මේ වන විට විදේශිය ජාතින් වැඩි වශයෙන් බුද දහමට නැඹුරු වීමක් දක්නට ලැබෙන බවයි. බුද දහම පිළිබඳව ලියවුණු පොත් පත් ඉල්ලා විදේශිකයින් කිරිවෙහෙරට පැමිණෙන බවත් විදේශිකයෝ පාපැදි වලින් ද බස් රථ වලින් ද නිතර කතරගමට පැමිණෙති.



