දඹදිව වන්දනාවේ ගොස් බුද්ධගයාවේ හා දකුණු ඉන්දියාවේ අතරමංවූ වන්දනාකරුවෝ රජයෙන් අද (6) ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ.
බුද්ධගයාවේ අතරමං කළැයි කියන 108 දෙනා පැවසූයේ තම සංවිධායකයා රුපියල් 66,000ක් පමණ මුදල් ගත් බවත් දින 14ක්ම බුද්ධගයාවේ සිටි බවත්ය. එම සංවිධායකයා කටුනායකදී රහස් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දකුණු ඉන්දියාවේ ට්‍රිචියේ සිට තවත් 160 දෙනෙක් පමණ ගෙන එනු ලැබීය. බුද්ධගයාවේ මහාබෝධි සමාගමේ කහටගස්දිගිලියේ මේධංකර හිමියන් නිසා තමනට යළි ගමරට බලා ඒමට හැකිවූ බව එහි සිට ආ පිරිස කීහ.

