අතරමං වූ දරුවෙක් කොට්ටාව බස් නැවතුමේ


( කේ. බුද්ධික කුමාරසිරි)

කොට්ටාව නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ  අතරමංව සිටි වයස අවුරුදු අටක කුඩා පිරිමි දරුවෙකු අද (03) හමු වූ බව කොට්ටාව පොලිසිය පවසයි.

ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එහි ගොස් සොයා බැලීමේදී ඉතා හොදින් ඇද සපත්තු පැළද සිටි දරුවා හමු වී ඇත.

පසුව පොලිස් නිළධාරීන් විසින් දරුවා පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ආහාර පාන ලබා දී තොරතුරු විමසුවත් නිසි අයුරින් කිසිවක් කිමට දරුවා අපොහොසත් වූ බවද පොලිසිය පවසයි.

හෝමගම මහේස්ත්‍රාත්  අධිකරනය වෙත දරුවා ඉදිරිපත් කර ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියමිත වේ.