අතමිට අඩුවුණත් එළිය බලන්න උදව්


අඩු ආදායම්ලාභීන්ට විදුලි බලය ලබාගැනීම සඳහා සමෘද්ධි අධිකාරිය එක්ව රුපියල් 40,000 ක ණයක් ලබාදීමට පියවර ගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

නිවස අසලටම විදුලි කණු ඇතත් විදුලිය ලබාගත නොහැකි 1,75,000 ක් පමණවූ පවුල් සඳා විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යංශය කියයි.

මේ වන විට ජනතාවගෙන් 98%කට විදුලිය පහසුකම් ලබාදී ඇති බවත් තිස් අවුරුදු යුද්ධයක් තිබූ රටක් වූ ශ්‍රී ලංකාව මෙසේ විදුලිබලය ලබාදීම අතින් පෙරමුණේ සිටින බවත් විදුලි බල මණ්ඩලය කියයි.