නූරියවත්ත මිනී මැරුම් නඩුවේ සැකකරුවන් 21 දෙනාගෙන් අතකොටා ඇතුළු 18 දෙනකුට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු එම්.ඩී.එස්.අබේරත්න මහත්මිය අද (25) මරණ දඬුවම නියම කළාය.
4, 5 හා 20 යන විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළැයි දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා ඇතුළු සැකකරුවෝ විසිඑක්දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.
අතකොටා හෙවත් අනිල් චම්පික විජේසිංහට අමතරව අමිල වසන්ත විජේසිරි, පී.කේ.වීරබාබු, පී.විජයකුමාර්, රාමන් ශෂිකුමාර්, පෙරුමාල් රවිකුමාර්, රාජේන්ද්‍රන් රවිකුමාර්, රාමන් ශිවකුමාර් නොහොත් බීඩි තුංගා, චිත්‍රවේල් නිශාන්ත කුමාර්, ක්‍රිෂ්ණවේල් රාජේන්ද්‍රන්, එච්.ඩී. දුෂාන් රංග විජේසිරි, එස්.පලනියන්ඩි, ආරුමුගම් අර්ජුන්, පී.ජී.ඉන්දික උදය විජේසිරි, අරුනාචලම්, මුනියන්ඩි, ඉඳුනිල් ලක්ෂිත සහ දිනේෂ් චතුරංග යන අයට මරණ දඬුවම හිමිවිය.
සුබ්‍රමනියම් මහේන්ද්‍රන්, සරත් විජේසිරි සහ තරිඳු ධනංජය යන විත්තිකරුවෝ නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.
එකම නඩුවකදී වැඩිම පිරිසකට මරණ දඬුවම හිමිවූ අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය.
http://www.lankadeepa.lk/index.php/articles/147202
ජායාරූප - ළහිරු හර්ෂණ
ඝාතනයට ලක් වු නුරි වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා
(ජායාරූප සැපයුම පුෂ්පකුමාර මල්ලවාරච්චි)