අත කොටා වැඩියෙන් යාළු වුණේ පොලීසිය සමඟයි


‘දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනයේ සැකකරුවකු වන දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ  හෙවත් අත කොටා දේශපාලනඥයින්ට වඩා පොලීසිය සමඟ සබඳතා පවත්වාගෙන  ගොස් ඇතැයිද, මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගෙන් වාර්තාවක් කැඳවා ඇතැයිද පාශු සම්පත්  නියෝජ්‍ය ඇමැති එච් ආර් මිත්‍රපාල මහතා කියයි.

නුරි වත්තේ එදා පැවති භීෂණය යළිත් ඇති නොවන තැනට වග බලා ගන්නා බවද ඔහු කීවේය.