අත කොටා ඇතුළු නවයක් පෙරෙට්ටුවට නෑ


දැරණියගල නූරි වතත්තේ අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනාගෙන් නව දෙනකු හැර සෙසු පිරිස කණ්ඩායම් වශයෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ජී එච් ඒ සෙනවිරත්න මහතා නියෝග කළේය.

ඒ අනුව සැකකරුවෝ සිව් දෙනෙක් අද ඉදිරිපත් කරනු ලැබූහ. සාක්කිකරුවෝ නව දෙනෙක් ඉන් තිදෙනකු හඳුනා ගත්හ.

තෙරියසාමි තරුපයියා, සුබ්‍රමණියම් මහේන්ද්‍රන් හා පෙරුමාල් රවි කුමාර් ඔවුහුය.

සරත් විජේසිරි  හඳුනාගැනීමට නොහැකි විය.

තවත් සැකකරුවන් හතර දෙනකු අඟහරුවාදාත්, තවත් හතර දෙනකු බදාදාත් හඳුනාගැනීමේ පෙරට්ටුවලට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රධාන සැකකරුවන් වන අමිල විජේසිංහ හා දැරණියගල හිටපු ප්‍රාදේශීය සභාපති අනිල් චම්පික විජේසිංහ (අතකොටා), අශාන් රංග විජේසිංහ, තන්නිවේල් විජේකුමාර්, රාමන් සිවකුමාර්, පලනි අණ්ඩි, නිෂාන්ත කුමාර, විජයකුමාර හා පෙරුමාල් උදයකුමාර්ගේ නම් කලින් ප්‍රසිද්ධ වී ඇති නිසා ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට නොතබන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුවෝ සියලු දෙනාම ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)