අත කැපුවාට දස කෝටියක් වන්දි ඉල්ලයි


රජයේ රෝහල් දෙකක නොසැලකිල්ලෙන් තම වම් අත කපා දැමීමට සිදු වී යැයි  කියමින්  නීතී ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනී රුපියල් දස කෝටියක වන්දි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් උසාවියේ අද (06) නඩු පැවරුවාය.

මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ දොස්තර දිල්කා සමරසිංහ,කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල,සෞඛ්‍ය ලේකම් දොස්තර සුධර්ම කරුණාරත්න හා  නීතීපති වගඋත්තර කරුවෝය.

නිවසේ පඩි පෙළකින් වැටි වම් අතේ ඇටයක් බිඳීම නිසා 2013 ජනවාරි 13 වැනිදා මාතර රෝහලට ඇතුළු කළ බවත් මාතර  රෝහලින් කොළඹ  ජාතික රෝහලට මාරු කළ බවත් එහිදී  අත කපා දැමු බවත්  වෛද්‍යවරුන් වගකීමෙන් හා සුපරික්ෂාකාරීව ක්‍රියා කළා නම් තම අත නොකපා  සිටීමට හැකිව තිබු බවත් ඇගේ පැමිණිල්ලේ සඳහන්වේ.