අත අචාර ධර්ම පද්ධතිය අතට ගනී


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයින් සඳහා ආචාර ධර්ම මාලාවක්  සැකසු බව එම පක්ෂයේ ජාතික සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම් ජයන්ත මහතා  (04) පැවසීය.

කරුණු 10 කින් යුතු එම ආචාර ධර්ම මාලාව මධ්‍යම කාරක සභාවෙන් අනුමත වී ඇති බවත්,පළාත් පාලන,පළාත් සභා  හා  පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝතයින් සියලු දෙනා   ඊට ගරු කළ යුතු බවත් ඔහු පවසයි.

මෙම ආචාර ධර්ම කඩ කරනවුනට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරන බව ද ඔහු පවසයි.