පසුගිය දිනක වෙරෝනා නගරයේ විදුලි කණුවක් තාප්පයක් පාසා සිංහල අත් අකුරෙන් ලියවුණු පත්‍රිකාවක් අලවා තිබුණි.
වෙරෝනා ජිවත් වන ශ්‍රී ලාංකික පිරිමියකු හට තම දරුවන් දෙදෙනා බිලිවී ඇති අයුරුත් නොයෙක් වරදාන දෙමින් අදාළ පුද්ගලයා පිරිමි දරුවන් තමාට අවනත කර ගන්නා අයුරුත් එහි සටහන්ව තිබිණි. ශ්‍රී ලාංකික දෙමාපියන්ටද තම දරුවන් ගැන සැලකිලිමත් වන ලෙස අනතුරු අගවා තිබිණි.
අදාළ පුද්ගලයාගේ සමාජ කෙටි නාමයත් සැබෑ නමත් එහි ඇතුළත්ව තිබුණි.
වෙරෝනා නගරයේ වසර 20කට අධික කාලයක් ජිවත් වෙන සමාජ ක්‍රියාකාරී ශ්‍රී ලාංකිකයකු අදාළ පත්‍රිකාව පිළිබඳව මෙසේ කියයි.
මේක ඇත්ත නම් මේක ලියලා තියෙන්නේ දරුවන්ගේ අම්මා හෝ තාත්තා විය හැකිය. ළමා අපයෝජනයට , කාන්තා හිංසනයට , නීතිය තදින් ක්‍රියාත්මක වෙන රටක කැලෑ පත්තර ගහන්නේ නැතිව පොලිසියට කිව්වා නම් අදාළ පුද්ගලයට ඉහළ දඩුවම් දෙන්න තිබුණා.
හෙට දවසේදී තවත් කෙනෙකු මෙය ප්‍රයෝජනයට අරන් කැලෑ පත්තර ගහන්න පුළුවන්. වාසනාව තිබුණත් මේ වගේ රටකට එන්න අපි තාම අවාසනාව තුරුළුකරන් ජිවත් වෙනවා කියලයි මට හිතෙන්නේ.