පසුගියදා කටුකුරැන්ද පැත්තෙ බෝට්ටුවක් පෙරළිලා ඉතා අවාසනාවන්ත ලෙස ජීවිත ගණනාවක් මරැට බිලිවුණ පුවත හැමෝම කියෙව්වෙ ඉතාම සංවේගෙන්. ඒ දවස්වල කළුතර අවට ප්‍රදේශයක අලුත් ෙටලිනට්‍යයක් රෑපගත කරමින් තිබුණා.
කවදත් රස කතා කියන්නට රැසියෙක් වන ප්‍රවීණ රංගන ශිල්පියෙක් ඔය බෝට්ටු අනතුර සම්බන්ධ කරගෙන අපූරැ කතාවක් සහෝදර ශිල්පීන්ට කිව්වලු.
“මේ වගේම සිද්ධියක් වෙලා තියෙනවා එක්තරා රටක. 15ක් යන්න පුළුවන් බෝට්ටුවක ගැහැනු අය 25ක් ගිහිල්ලා විනෝද චාරිකාවක්. බර වැඩිකමට බෝට්ටුව පෙරළිලා 25 දෙනාම අනතුරට පත්වුණාලු. ඒ අයගෙ සැමියන්ට දුක දරාගන්න බැරැව අඬනවලු. කොහොම හරි දවස් දෙක තුනක් ගියාට පස්සෙ ඒ මිනිස්සු හිත හදාගෙන සුපුරැදු ජීවිතයට හුරැවුණාලු. ඒත් එක සැමියෙක් සති දෙකක් ගිහිල්ලත් ඇඬිල්ල නවත්තන්නෙම නැහැලු. කට්ටිය ඒ ගැන ඔහුගෙන් ඇහුවලු, ඔහු දීලා තියෙන්නෙ මාර උත්තරයක්."
“අනේ මගේ නෝනත් ඒ ට්‍රිප් එක යන්නමයි හිටියෙ. ඒත් බබාගෙ ඉස්කෝලෙ කොන්සට් එක නිසා යන්න බැරි වුණානෙ."

